Sunday, April 28, 2024

General line - 0115112241

කමලාට උපදෙස් දෙන්න ශාන්ති




ඇමරිකානු ප්‍රධාන නාවික හමුදා යුධ නෞකාවක ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු අණ දෙන නිලධාරිනියක වන ශාන්ති සේති ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස පත් කර තිබෙනවා.

ශාන්ති සේති යනු එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධාන යුධ නෞකාවකට අණ දෙන එකම ඉන්දියානු-ඇමරිකානු කාන්තාව සහ 15 වන කාන්තා නිලධාරිනියයි.  

ඇය 2010 දෙසැම්බර් 15 සිට 2012 මැයි දක්වා ඇමරිකානු යුධ නෞකාවක් වන  Decatur නෞකාවට අණ දී තිබෙනවා.

ඇය එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස්ගේ කාර්යාලයේ විධායක ලේකම් සහ ආරක්ෂක උපදේශක ලෙස සම්බන්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නෙවාඩා හි රෙනෝ හි උපත ලැබූ ශාන්ති සේතිගේ  මව කැනඩාවේ උපත ලබා වයස අවුරුදු 12 දී එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ඇති අතර ඇගේ පියා 1960 ගණන්වල මුල් භාගයේදී ඉන්දියාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ඉන්දියානුවෙකු බව සදහන්.