Thursday, May 9, 2024

General line - 0115112241

විදෙස් රටවල සහාය ලබාගත හැකි ක්‍රමය ගැන මෛත්‍රීගෙන් පැහැදිලි කිරිමක්




පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදෙස් රටවල සහය ලබා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට සහය ලබා දෙන්නේද ජනතාවගේ යහපත සදහා කෙරෙන කටයුතුවලට පමණක් බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.  

චීන තානාපති කී සොන්හොංග් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පොළොන්නරුවේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී සිදුවුණා. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කළා.