Thursday, May 9, 2024

General line - 0115112241

සඟවා ඇති වී තොග වෙළදපොළට දැමීමට ක්‍රමවේදයක් සකසන්න - කුඩා වී මෝල් හිමියන් රජයට කියයි




ඇතැම් පාර්ශව සඟවා ගෙන ඇති වී තොග වෙළදපොළට නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති යූ කේ සේමසිංහ මාධ්‍ය හමුවේ පැවසුවේ වී තොග සඟවා තිබියදී හාල් සඳහා පාලන මිලක් නියම කිරීම ප්‍රායෝගික නොවන බවයි.   

ඒ සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස කරුණු දැක්වූවා. 

දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස සඳහන් කරමින් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා. එලෙස පාලන මිලක් දැමීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කරුණු දැක්වූවා. 

මේ අතර තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11 කට පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. එම ආහාර ද්‍රව්‍ය වන්නේ  සීනි, පරිප්පු, පාන්පිටි, බී ලූණු, අර්තාපල්, ටින් මාලු, කිරිපිටි, වියළි හාල්මැස්සන්, වියළි මිරිස් සහ කඩල යි. ප්‍රධාන වශයෙන් පළමුව සීනි සහ පරිප්පු සඳහා පාලන මිලක් පැනවීමටයි අවධානය යොමුව ඇත්තේ. එම තීරණය ගෙන ඇත්තේ දිනෙන්දින ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමේ අරමුණින්.