Thursday, May 9, 2024

General line - 0115112241

තරුණ ප්‍රජාව ඉලක්ක කර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙළක්




කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පවතින සියලුම විදේශ කෘෂි ව්‍යාපෘති තරුණ ප්‍රජාව ඉලක්ක කර ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. 

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා තවත් ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගය මත ව්‍යාපෘති 06 ක් පමණ මේවනවිටත් ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. 

තරුණ පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් මේවනවිට පවතින බැවින් තරුණ ප්‍රජාවගේ විශ්වාසය දිනාගත හැකි නව කෘෂි තාක්ෂණික පහසුකම් සහිත ව්‍යාපෘති නිර්මාණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ යටතේ ආදර්ශ කෘෂි ගම්මාන, වගා කලාප හා අපනයනය කළ හැකි බෝගවර්ග ප්‍රවර්ධනය වැනි ව්‍යාපෘති නිර්මාණය කිරීමට ද අපේක්ෂිතයි.