Thursday, May 2, 2024

General line - 0115112241

ජුනි 09 සිදුවූ විදුලි බිඳ වැටීම ගැන පරීක්ෂණයක් අරඹන්නැයි විදුලිබල ඇමතිට දැනුම් දීමක්




ජූනි මස 09 වනදා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි. 

ඉකුත් ජූනි මස 09වනදා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර එදින විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. 

මේ අතර ජූනි 09 වනදා රාත්‍රී 12 සිට පස්වරු 02යි 30 දක්වා ජල විදුලිය නිපදවීම සඳහා රුපියල් මිලියන 320ක වියදමක් දැරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරීවරයාට ජූනි 10 වනදා දැනුම්දුන් බවයි අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට සහය දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් තාවකාලිකව තනතුරුවලින් ඉවත් කරන ලෙසටද තමන් දැනුම්දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.