Friday, May 10, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා බලය රැකගැනීමේ සටනක




බ්‍රිතාන්‍යය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. එලෙස ඉල්ලා අස්වී ඇත්තේ එරට ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය විල් ක්වින්ස්, පාසැල් අමාත්‍ය රොබින් වෝල්කර් සහ භාණ්ඩාගාර අමාත්‍ය ජෝන් ග්ලෙන් සහ අධිකරණ අමාත්‍ය වික්ටෝරියා ඇට්කින්ස්. ඔවුන් සිව්දෙනා අද සිය ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපි යොමු කරමින් ඔවුන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය සම්බන්ධයෙන් තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති බවයි. එම අමාත්‍යවරුන් සිව්දෙනා අද ඉල්ලා අස්වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රධාන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඊයේ සිය ධූරවලින් ඉල්ලා අස්වූ පසුබිමක් තුළ වීම විශේෂත්වක්. ඒ අනුව මේවනවිට බි්‍රතාන්‍යයේ කැබිනට් අමාත්‍යවරුන්    16 දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නායකත්වය දරණ බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අග්‍රාමාත්‍යවරයා නායකත්වය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්විය යුතු බවයි. 

කෙසේවෙතත් පක්ෂය තුළ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළ පවතින අර්බුදය හමුවේ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. දේශපාලන විචාරකයින් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා මේවනවිට සිය ධූරය රැක ගැනීමේ සටනක නිරත වී සිටින බවයි.