Saturday, May 4, 2024

General line - 0115112241

චීනය හද අල්ලන ඇමරිකාවේ කතාවට චීනයේ විරෝධය




චීනයේ  අභ්‍යවකාශ වැඩසටහන සදෙහි බලය තහවුරු කර ගැනීම  ඇතුළු ගැටලු රැසකින් සමන්විත බවට  නාසා ආයතනය කළ ප්‍රකාශයකට චීනය විරෝධය පළ කර තිබෙනවා. 

එක්සත් ජනපදය අභ්‍යවකාශ ඒජන්සි ප්‍රධානි බිල් නෙල්සන් පසුගියාදා තවදුරටත් පවසා තිබුණේ චීනයේ අභ්‍යවකාශ වැඩසටහන මිලිටරි එකක් බවයි.

 චීනය වෙනත් පාර්ශව වෙතින් අදහස් සහ තාක්ෂණය සොරකම් කර ඇති බව ද ඔහු සදහන් කර තිබුණා. 

මාධ්‍ය හමුවක් අමතමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් කියා සිටියේ නාසා ආයතනය කරුණු නොසලකා චීනයට මඩ ගැසූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් වෙනත් රටවල අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් විවිධ මඩ ගැසීම් කරන බවත්, එවැනි වගකීම් විරහිත ප්‍රකාශවලට චීනය දැඩි ලෙස විරුද්ධ බවත් ඔහු එහිදී කියා සිටියා.

ඔහු පැවසූයේ ඇමරිකාව අභ්‍යවකාශ සහයෝගීතාවයට බාධා කරමින්  වෙනත් රටවල අභ්‍යවකාශ ඒජන්සි වෙත  අත්තනෝමතික ලෙස බලපෑම් සිදුකරන බවයි.