Sunday, May 5, 2024

General line - 0115112241

මැඩගස්කරයේ චීන හමුදා කදවුරක්




චීනය විසින් මැඩගස්කරයේ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් ඇති  බව වාර්තාවෙනවා. චීනයේ සහ මැඩගස්කරයේ ආරක්ෂක හමුදා අතර ඉහළ මට්ටමේ සංචාරයන් සිදුවෙමින් පවතින බවත් දිවයිනේ චීනය විසින් හමුදා කඳවුරක් ස්ථාපිත කළ හැකි බවත්  ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්.

චීනය දැනටමත් මැඩගස්කරයේ හමුදා සාමාජිකයින්ට පුහුණුව ලබාදීම සඳහා ස්ථාන 20 කට වඩා සංඛ්‍යාවක්  යොදා ගෙන ඇති අතර මැඩගස්කරයට මූල්‍ය ආධාර, හමුදා උපකරණ, සන්නිවේදන අයිතම සහ හමුදා නිල ඇඳුම් සැපයීම ද සිදුකරනවා. 

චීනය විසින් මැඩගස්කරයට කෙටි දුර මුර යාත්‍රා දෙකක් ද පරිත්‍යාග කර ඇති බව සදහන්.

බටහිර ඉන්දීය සාගර කලාපය ඉන්දියාවට සම්ප්‍රදායිකව විශාල පැවැත්මක් ඇති ප්‍රදේශයක් වන හෙයින් චීනයේ මෙම ක්‍රියාකලාපය ඉන්දියාවේ විශේෂ අවධානයට ලක්ව ඇති බව ද විදෙස් වාර්තාවල සදහන්.