Sunday, May 5, 2024

General line - 0115112241

තලේබාන් ආණ්ඩුව පිළි නොගැනීමට බටහිර රටවල එකගතාවයක්




ඇෆ්ගනිස්තානයේ පාලක තලේබාන් ආණ්ඩුව පිළි නොගැනීමට බටහිර රටවල එකගතාවයක් පවතින බව යුරෝපා සංගමයේ ඇෆ්ගනිස්තාන තානාපතිවරිය පවසනවා.

තානාපතිනි ඇන්ඩ්‍රෙස් වොන් බ්‍රාන්ඩ්ට් මේ බව සදහන් කළේ, ඇෆ්ගනිස්තානයේ වත්මන් දේශපාලන තත්වය සහ සාගතය ඇතුළු මානුෂික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා කාබුල්හි පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී යි. 

අන්තර්ජාතික ප්‍රජාව ඇෆ්ගනිස්තානයේ ජනතාවට අවශ්‍ය මානුෂීක ආධාර ලබාදීමට කටයුතු කළත් තලේබාන් ආණ්ඩුව වෙත ආධාර නොකරන බව ඇය එහිදී පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්  නීති විරෝධී ලෙස බලයට පැමිණි තලේබාන් ආණ්ඩුවට ආධාර කළ නොහැකි බවයි ඇය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර , සියලු පාර්ශවවල නියෝජනය සහිත පුලුල් ආණ්ඩුවක් පිහිටුවීමට තලේබාන් පාලකයන් වහා පියවර නොගතහොත් ඇෆ්ගනිස්තානයේ තත්වය වඩාත් බරපතල වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසා  තිබෙනවා.