Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාව සහ රැසියාව  එක්ව යුද උපකරණ තැනීමේ සූදානමක 




අධි තාක්‍ෂණික ආරක්‍ෂක උපකරණවල සම්පූර්ණ තාක්‍ෂණ හුවමාරුවක් සැබවින්ම කළ හැකි ලොව එකම රට ඉන්දියාව  බව රුසියාව පවසා තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමඟ ඒකාබද්ධ සහයෝගීතාවයෙන් නවීනතම  සන්නද්ධ යුද ටැංකි  සහ සබ්මැරීන තැනීමට සූදානම් බවයි රැසියාව පවසා ඇත්තේ. 

ජාත්‍යන්තර සම්බාධක පැනවීමට හේතු වී ඇති යුක්‍රේනය සමඟ පවතින යුද්ධය නොතකා, රැසියාවේ නිෂ්පාදිත  S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය ඉන්දියාවට සැපයීම ඇතුළු සියලුම ආරක්ෂක සැපයීම් ගිවිසුම් දෙරට අතර දැනටමත් ක්‍රියාත්මකයි.

ඉන්දියාව 2018 ඔක්තෝම්බර් මාසයේදී S-400 මිසයිල පද්ධති පහක් සඳහා රුසියාව සමඟ ඩොලර් බිලියන 5.5 ක ඇණවුමක් අත්සන් කළ අතර මාස 24 ක් ඇතුළත බෙදා හැරීම ආරම්භ කරන බව මුලින් ප්‍රකාශ කළද, කරුණු ගණනාවක් නිසා ක්‍රියාවලිය ප්‍රමාද වුණා. 

රුසියාවේ හමුදා තාක්ෂණික සහයෝගීතාව සඳහා වන ෆෙඩරල් සේවයේ ප්‍රධානී දිමිත්‍රි සුගාවේ පැවසුවේ, AK-203 ප්‍රහාරක රයිෆල් අවි ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

 එහි නිෂ්පාදනය 2022 අගභාගයේදී - හෝ 2023 මුල් භාගයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සදහන් කළා.

එමෙන්ම දෙරට ඒකාබද්ධව නෞකා සහ සබ්මැරීන් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ද දැනටමත් ක්‍රියාත්මක කෙරෙනවා.