Friday, May 10, 2024

General line - 0115112241

ජිනීවාහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් රැසක් පෙනී සිටී




ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත්වූ වාර්තාවට ශ්‍රී ලංකාවට පක්ෂව විදෙස් රටවල් රැසක් පෙනී සිට තිබෙනවා. එම සැසියට එක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ඊශ්‍රායල නියෝජිත ජනත් විමල පැවසුවේ ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙසට එම රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කළ බවයි.

අද ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී මෙම කරුණු අනාවරණය වුණා. මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ඊශ්‍රායල නියෝජිත ජනත් විමල.

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී කාලීන තොරතුරු විශ්ලේෂක නීතීඥ ගැමුණු කරුණාරත්න ද ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුනු වාර්තාව පිළිබඳ අදහස් පළ කළා.

මේ අතර අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.