Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දීයාව තවත් පිම්මක් පනියි 




අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද නවදිල්ලි නුවර පැවති උත්සවයකදී ඉන්දියාවේ 5G තාක්ෂණය නිල වශයෙන් ආරම්භ කළා.

ඒ ආසියාවේ විශාලතම ටෙලිකොම්, මාධ්‍ය සහ තාක්‍ෂණ සංසදය India Mobile Congress (IMC) යේදීයි.

ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (DoT) සහ Cellular Operators Association of India (COAI) එක්ව මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.

ඒ සමගම 5G තාක්ෂණය භාවිතය ආරම්භ කළ පළමු දකුණු ආසියාතික රට බවට ඉන්දියාව පත්වූණා.

එමෙන්ම ලෝකයේ 5G තාක්ෂණය භාවිතය ආරම්භ කළ 11 වන රට වන්නේ ද ඉන්දියාවයි.

5G තාක්ෂණය තුලින් නව ආර්ථික අවස්ථා සහ සමාජ ප්‍රතිලාභ ලබාදෙමින් ඉන්දීය සමාජයේ පරිවර්තනීය බලවේගයක් වීමේ හැකියාව පවතින බවයි මෙහිදී ඉන්දීය ටෙලිකොම් සමාගම් අවධාරණය කර සිටියේ.

සංවර්ධනය සඳහා සම්ප්‍රදායික බාධක අභිබවා යෑමටත්,  නවෝත්පාදන දිරිමත් කිරීමටත් මෙමගින් හැකි වන බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

5G තාක්ෂණය 2023 සහ 2040 අතර කාලයේදී ඉන්දියානු ආර්ථිකයට ඩොලර් බිලියන 455ක ප්‍රතිලාභ ලබා දෙන බව ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් නියෝජනය කරන ගෝලීය කර්මාන්ත ආයතනය ඇස්තමේන්තු කර තිබෙනවා.

ලබන වසර තුළ ඉන්දියාව තුළ 100% ක් 5G තාක්ෂණය ආවරණය කරන බව මධ්‍යම සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්නව් මෙහිදී ප්‍රකාශ කළා.