Saturday, September 21, 2024

General line - 0115112241

තායිලන්ත දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීම සිද්ධියේ සැකකරු හඳුනා ගැනේ




තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණයවී තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් දරුවන් ඇතුළුව පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ වෙඩිතැබීම හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකරනු ලැබ ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ. සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් ඉකුත් වසරේ වැඩ තහනමට ලක්වූ අයෙක්.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. තායිලන්තයේ මෙවැනි සිදුවීම් දුර්ලභ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.