Thursday, May 2, 2024

General line - 0115112241

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ලෝක කුසලාන පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා පිළෙන් ලකුණු 189 ක ඉලක්කයක්




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය දැන් පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 37 ක් රැස් කළා.