Friday, April 26, 2024

General line - 0115112241

චීන සයිබර් ප්‍රහාරයක් ගැන ඇමරිකාව තායිවානයට අනතුරැ අගවයි




චීනය සම්බන්ධයෙන් අමෙරිකා, තායිවානය වෙත යළිත් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකාවේ සයිබර් සහ තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පදනමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Mark Montgomery පවසන්නේ චීනය තායිවානයට එරෙහිව හමුදා මැදිහත්වීමකින් නොනැවතී සයිබර් ප්‍රහාරයක් වුව ද එල්ල කළ හැකි බවයි.

තායිවානයේ චන්ද්‍රිකා සන්නිවේදනය බිද දැමීම සදහා සයිබර් මෙවලම් භාවිත කිරීමට චීනය උත්සහ දරනු ඇතැයි ද ඔහු පවසා ඇති බවයි  විදෙස් වාර්තා වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ.

ඒ හමුවේ තීරණාත්මක යටිතල පහසුකම් පිළිබඳ පර්‍යේෂණ, අවදානම් සොයා ගැනීම හා ඒවාට එරෙහිව ආරක්ෂාවීම වැනි මාර්ග සැකසීම සදහා අමෙරිකාව, තායිවානයට සහය ලබා දෙනු ඇති බව ද Mark Montgomery පවසා ඇතැයි ද විදෙස් මාධ්‍යා වාර්තා කරනවා.

එමෙන්ම ඔහු විසින් නිකුත් කර ඇති "The Attack on America's Future නමැති වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ආක්‍රමණශීලී ජාතීන්ගෙන් එල්ල විය හැකි සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සදහා අමෙරිකාව සිය මිත්‍ර පාර්ශව සමග එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම ගෝලීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සිය පාලනයට නතු කර ගැනීම චීනයේ ඉලක්කයක් වී ඇතැයි ද එම වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා.

එමෙන්ම අමෙරිකාව පවසන්නේ චීනයේ විදුලි සන්දේශ උපකරණ භාවිතය හරහා ගෝලීය ආර්ථිකය හා සන්නිවේදන යටිතල පහසුකම් අවදානමකට ඇද වැටී ඇති බව ද අමෙරිකාව පවසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.