Wednesday, January 8, 2025

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික තේරීම් ප්‍රතිපත්තියක්




ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අත්දැකීම් අතිශය වැදගත් බැවින් කිසිදු ක්‍රීඩකයෙකු අතනොහරින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පවසනවා.

ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩාව දියුණු කර ගැනීම සඳහා පලපුරුදු ක්‍රීඩකයින්ගේ අත්දැකීම් අතිෂය වැදගත් බවයි.


නවක ක්‍රීඩකයින්ට පමණක් නොව අත්දැකීම් සහිත පළපුරුදු ක්‍රීඩකයින් ද තවදුරටත් කණ්ඩායම තුළ රඳවා ගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බවයි උපුල් තරංග එහිදී පැවසුවේ.


ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් සඳහා ජාතික තේරීම් ප්‍රතිපත්තියක් අවශ්‍ය නොවන්නේදැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසීමක් කළා.

මේ, ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති  උපුල් තරංග.