දිවයිනේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ඇසළ පෝය නිමිති කර ගෙන පැවැත්වෙන ආගමික කටයුතු හා සංස්කෘතික උත්සව අවස්ථාවන් වෙනුවෙන් විධිමත් ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කල යුතු බවට පොලිස් ස්පති විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මහජනතාව වැඩි වශයෙන් පැමිණීම සිදු විය හැකි බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන හා පෙරහර ගමන් මාර්ග වල ආදියෙහි ආරක්ෂාව තහවුරු කිරීමටත් , සෑම පොලිස් වසමකම දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පරිදි ජංගම සංචාර, පාමුර සංචාර, පා පැදි, බීට්ටු සහ යතුරු පැදි සංචාර යෙදවීමටත් කටයුතු කරන ලෙස දැනුවත් කර තිබෙනවා.
තවද බුද්ධි නිලධරයන් ආවේක්ෂණ රාජකාරි සඳහා යොදවනු ලබන අතර, අවශ්‍ය අවස්ථාවලදී පොලිස් විශේෂ කාර්ය බලකා සහ ත්‍රිවිධ හමුදා සහාය ලබා ගැනීම සඳහා ද සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති අතර මාර්ග රිය අනතුරු වලට තුඩු දෙන බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය ධාවනය, අපරික්ෂාකාරී සහ අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම යන වැරදි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර රිය අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ද දැනුවත් කර තිබෙන්නේ.