ප්රධාන ජයවර්ම්කරුවකු වන "කිතුලාවේ බබී" නැමැත්තා කළුතර කොට්ඨාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර නගරය හා අවට පාසල් වල පාසල් දරුවන්ට මෙන්ම උපකාරක පන්ති සිසුන්ට ඉතා සූක්ෂම ලෙස මත්කරල් අලෙවි කරන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
ඒ අනුව විසි තුන හැවිරිදි "කිතුලාවේ බබී "නැමැත්තා 1000 ආසන්න ප්රමාණයක මත් කරල්ද සමඟ කිතුලාව දූවේගොඩ ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය.
ඔහුගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම්වලදී මෙම එක මත් කරලක් රුපියල් 300ක මුදලකට අලෙවි කරන බවත් එය මිලදී ගැනීම සඳහා කළුතර නගරය, දොඩංගොඩ ,නාගොඩ, හීනටියංගල ප්රදේශවලින් බාලවයස්කරුවන් පැමිණෙන බවත් පවසා තිබෙනවා.
තවද ජාවාරම්කරු විසින් මෙම මත්කරල් හඳුනාගත් ගැනුම්කරුවන්ට පමණක් සූක්ෂම ලෙස අලෙවි කරන බවත් දැනට බොහෝ කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
සැකකරු අද දින කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.