ඉදිරි ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජය ගන්නා බවට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සිදු කළ සමීක්ෂණයකින්ද අනාවරණ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ කාන්තා බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අදහස් පළ කළා.