විදෙස්ගත සමිත්පුර මයුර නැමැත්තා විසින් මෙහෙයවනු ලබන මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මට්ටක්කුලිය, සමිත්පුර, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 270ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන් ලක්ෂ 12,500ක මුදලක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
මේ අතර, දීර්ඝ කාලයක සිට පස්සර ප්‍රදේශයේ නීති විරෝධී මත් කරල් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීම් දෙකකදීයි.
සැකකරුවන් තලගොල්ල, මිල්ලබැද්ද, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී මත් කරල් 350ක් සහ අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 410ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පස්සර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.