Wednesday, November 20, 2024

General line - 0115112241

තේ ගොවින්ට ළගදීම ලැබෙන සහනයක් ගැන ඇමති අමරවීර කියයි




තේ වගාව සඳහා යොදා ගන්නා පොහොරවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් පහළ දමන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පහළ බැස ඇති තේ නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා එලෙස පොහොර මිල අඩු කරන බවයි වලස්මුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.


භාණ්ඩ මිල අඩු කරනු ලබන්නේ ඉදිරි ඡන්ද ඉලක්ක කරගනිමින් බවට එල්ල වන චෝදනාවලටද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.