ජනාධිපතිතුමා විසි දෙවන සංශෝධනයට ගැසට් පත්‍ර නිකුත් කළත් ජනාධිපතිවරණයට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාණ පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද උදෑසන අගලවත්තේදී මාධ්‍ය අමතමින්
පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාණ පවසා සිටියේ මෙවැන්නක්.
"එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේගොල්ලෝ ගෙනාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂලට නාමල් රාජපක්ෂට තියෙන අයිතිවාසිකම් අහෝසි කරන්න.
ඒක මේ වෙලාවේ නිවැරදි වෙලා තියෙනවා.
ඒක තමයි විය යුත්තේ නමුත් විසි දෙක වැනි සංශෝධනයෙන් මේ ජනාධිපතිවරණයට බාධාවක් නැහැ.
අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට මේ ජනාධිපතිවරණය පවත්වන්න උපරිම සහයෝගය දෙනවා
ඒක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා ඊයේ ප්‍රකාශ කළා.
අපි මහ මැතිවරණයක් අවශ්‍ය යි කියලා මීට කලින් කිව්වට
දැන් මහ මැතිවරණයට යන්න කාලයක් නෑ
ජනාධිපතිවරණය නියමිත වෙලාවට පවත්වලා
අපි අපේ අපේක්ෂකයාවත් නියමිත වේලාවට කියලා ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණදෙන සූදානම්."