බංග්ලාදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ඒ, බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්. එරට විශ්වවිද්‍යාල තුනක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිටිනවා.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට විශ්වවිද්‍යාල ද වසා දමා තිබෙනවා.
එහෙත් විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙසට මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැහැ.
ඒ අනුව ශ්‍රී ලාංකික සිසුන් නේවාසිකාගාරවල ආරක්ෂිතව රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවේ ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.
එමෙන්ම සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලන අධිකාරි සමඟ ද ඔහු සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
රජයේ රැකියා කෝටා ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට බලකරමින් එරට සිසුන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වනවා.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මේ වනවිට පුද්ගලයන් 105 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එවන් පසුබිමක් තුළ මේ වනවිට බංග්ලාදේශය පුරා ඇදිරි නීතිය පනවා තිබෙනවා.