Wednesday, November 20, 2024

General line - 0115112241

ජනාධිපති නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා - රවී කරුණානායක

සම්පත් කුලරත්න




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සහ දරණ බවට විපක්ෂය සිදුකරන ප්‍රකාශ පිළිබඳ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ කළ විමසීමකදී මෙම අදහස් පළ කළා.


මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තවත් දින කිහිපයක් තුළ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

අගලවත්ත ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 


කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසුවේ.



මේ අතර රට බංකොලොත්භාවය පත්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා.