නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පිංකමට සමගාමීව වස් ආරාධනා කිරීම සඳහා වැසිසළු පූජා කිරීමේ චාරිත්‍රය අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ, ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.
එම පිංකම සඳහා සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්ව සිටි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර, දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීදි සංචාරය කෙරෙනවා.
ඒ පිළිබඳව තවත් තොරතුරු දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.