Wednesday, November 20, 2024

General line - 0115112241

ජනපතිට සහාය දෙන කඩවත රැලිය අද - පොහොට්ටුවේ ප්‍රබලයන් රැලිය මඟහරියි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සංවිධාන කරන ජන රැලියක් අද පස්වරුවේ කඩවත ප්‍රදේශයේ පැවැත්වෙනවා.

එම ජන රැලිය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සහභාගී නොවන බවට තමන්ව දැනුවත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවා.

ඒ, මෙම රැලිය වර්ජනය කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබූ පසුබිමක් තුළයි.

කෙසේවෙතත් අද පැවැත්වෙන රැලියට පාක්ෂිකයින් රැසක් එක්වනු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.


ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පක්ෂ බොහොමයක සාමාජිකයින් දැනටමත් එකතු වී ඇති බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියා.