බංගලාදේශය පුරා පනවා තිබු ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව එරට විශ්වවිද්‍යාල සිසුන් ගෙන ගිය විරෝධතාවය ප්රචණ්ඩ වීමත් සමඟයි.
මේ හේතුවෙන් බංගලාදේශයේ වීදිවල හමුදාව යොදවා තිබෙන බවට සඳහන්.
බංගලාදේශයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නේ කවදා යන්න තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
විරෝධතා හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන මේ වන විට 114 දක්වා ඉහළ ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් 300ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එරට තත්ත්වය හේතුවෙන් බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා සිය ස්පාඤ්ඤ සහ බ්‍රසීල සංචාරයන් ද අත්හිටුවා තිබෙනවා.
අගමැතිනියගේ සිව්වැනි ධුර කාලය සඳහා තේරී පත්වීමෙන් පසු ඇයගේ රජයට එල්ල වූ විශාලතම තර්ජනය මෙය බවයි බොහෝ දෙනා පවසන්නේ.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද රාජ්‍ය අභියාචනය අගෝස්තු 07 වන දින විභාගයට ගන්නා තෙක් රැකියා කෝටාව නැවත ස්ථාපිත කිරීම මාසයකට අත්හිටුවන බවට සඳහන්.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ බංග්ලාදේශයේ සිටින ඉන්දියානු ජාතිකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට ආපසු පැමිණීමට පහසුකම් සලසා ඇති බවයි.