පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ නාම යෝජනා අවලංගු කිරීමට තමන් අවධානය යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නාම යෝජනා භාර දී මේ වන විටත් වසර දෙකක් ගත වී ඇති බැවින් නව අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගැනීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට පවා ගම් මට්ටමේ දේශපාලන කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් තිබූ පසුබිමක තමන් ජනාධිපති ධූරය භාරගෙන එම තත්ත්වය පාලනය කළ බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන්ගේ හමුවකට ඒකවෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.