Wednesday, November 20, 2024

General line - 0115112241

බෝට්ටු දෙකක් සමඟ ධීවරයන් හය දෙනෙකු අතුරුදහන්




හම්බන්තොට සහ යාපනය ප්‍රදේශවලින් පසුගිය 07 වන දින යාත්‍රා කළ ධීවර යාත්‍රා දෙකක් පිළිබඳ දින ගණනාවක සිට කිසිදු තොරතුරක් හෝ පණිවිඩයක් ලැබී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය එම යාත්‍රා දෙකෙහිම පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට නැංගුරම් පොළකින් සහ පේදුරුතුඩුව තොටුපොළින් එම යාත්‍රා දෙක පිටත්ව ගොස් ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ මේ වන විටත් එම යාත්‍රා දෙක සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.