තොරතුරු තාක්ෂණය පාසල් තුළ අනිවාර්ය විෂයක් බවට පත් කරමින් එය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය යුතු බව නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රජයේ වැඩපිළිවෙලට ඇතැම් දේශපාලන පක්ෂවල නායකයින් බාධා එල්ල කරමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් තීරණ ගැනීමේදී පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර සෑම තීරණයක්ම ගන්නා බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා කල් තියා ඉදිරිපත් කළේ තම පක්ෂවයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින පසුබිමක බවයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.