සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සිදුකල ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් - දකුණු අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරියව අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
ඒ, “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මතයි.
පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවාගේ සැමියා මිය ගිය අතර ක්ලබ් වසන්තගේ බිරිඳ, ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජිවා සහ ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳ ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔවුන් හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.