Wednesday, November 20, 2024

General line - 0115112241

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ - රජයෙන් ප්‍රකාශයක්




විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව තමන් විශ්වාස කරන බවයි කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමන්ගේ සැලසුම ප්‍රකාශයට පත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීමකදී සඳහන් කළේ. 


දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කිසිවිටෙක ජනාධිපතිවරණය කල් නොයන බවයි ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ. 


ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමිසම නියම කරන දිනයන්වලදී මැතිවරණය පැවැත්වීමට රජයට සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සඳහන් කළේ. 


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බිංගිරිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් වැඩි කොටසක් තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව සිටින බවයි.