Saturday, November 16, 2024

General line - 0115112241

රාජසන්තක කළ දුම්වැටි මිලියන 3ට අධික තොගයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව සැරසේ




2024 වසරේ මුල් මාස 6 තුළ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන රාජසන්තක කරන ලද රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතු නීතිවිරෝධී දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය රේගු නිලධාරීන්ගේ අධීක්ශනය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් විනාශ කිරීමට නියමිතයි 

ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය ආනයනය කර ඇත්තේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙන බවත් එමගින් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික වන බවයි 

රාජසන්තක කරන ලද මෙම දුම්වැටි තොගය පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ විනාශ කිරීම සිදු කරන බවද රේගුව සඳහන් කර සිටියා