පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහායි.
ඒ අනුව මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා එම මන්ත්‍රී ධූරය සඳහා පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට යොමුකර ඇතැයි වාර්තා වුණා.