ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාව පත්කර තිබෙනවා.
සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන නන්දික සනත් කුමානායක මහතා දිලිදුකම පිටුදැකීම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ද වෙනවා.
ඒ මහතා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.