රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නව ජනාධිපතිවරයාට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කෙටි කාලීන ප්‍රතිසංස්කරණ තුළින් ජනතාවට ආර්ථිකමය වශයෙන් නැගීසිටීමට අවශ්‍ය පසුතලයක් නිර්මාණය කළ යුතු බවයි.
ජනතාවගේ බදු බර ලිහිල් කිරීම සඳහා නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දිය යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පෙන්වා දුන්නා.