කලෙක පටන් ඉන්දියාවේ සිට නීති විරොධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ කේරළ ගංජා තොගයක් සමග මූනම්පිඩ්ඩි ප්රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඉලුප්පුකාවායි කදවුරේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී කේරළ ගංජා කිලෝ 03යි ග්රෑම් 540ක ප්රමාණයක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු මූනම්පිට්ටි, පාලිආරු ප්රදේශයේ පදිංචි 47හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.