සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට දැඩිව විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බවයි ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
ජනතාවට පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
සිය වැඩපිළිවෙළ යටතේ කිසිදු කණ්ඩායම් මග නොහරින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.