පොල්ගොල්ල ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 28 වනදා අලුයම 01 සිට පැය 65ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව මහනුවර නගරයේ කොටසකට ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන 30 වනදා පස්වරු 06 දක්වා අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මධ්‍යම පාළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩී වී මැදවත්ත මහතා පැවසුවේ.
කෙසේවෙතත් රජයේ අත්‍යවශ්‍ය ස්ථානවලට බවුසර් මගින් ජලය ලබා දීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.