ඉදිරි මහ මැතිවරණය ජයග්රහණය කිරීම සඳහා ජාතික ජන බලවේගය මේ වන විටත් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ තම පක්ෂයට ඡන්දය ලබා දුන් සහ නොදුන් පුද්ගලයන් එක්කර ගනිමින් මහ මැතිවරණය ජයග්රහණය කිරීම සඳහා මේ වන විටත් දිස්ත්රික් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවයි.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සියයට 50 ප්රතිශතය ඉක්මවා යෑමට නොහැකි වූ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළා.
ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.