දීර්ඝ කාලයක සිට යතුරු පැදියෙන් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ අයිස් සහ මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකායේ අරන්තලාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සඳුන්පුර, උත්තලපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 50ක්, මත්කරල් 330ක්, ජංගම දුරකථනයක් සහ සිම්පත් 04ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථමගින් ක්‍රියාත්මකයි.