ඊච්චලම්පත්තුව, මාවඩිචේන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඊච්චලම්පත්තුව පොලීසිය වෙත යොමු කර තිබෙනවා.