රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියකින් පීඩාවට පත් සිසුවෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ එම පෙත්සම කැඳවා තිබෙනවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවයි.
මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමු කොට සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි.
එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අග විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.