ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගතව තරඟවැදීමට තීරණය කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඊයේ රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.