Friday, November 8, 2024

General line - 0115112241

ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවත්වාගෙන යාමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්




ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබෙනවා.

ඒ අද ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී නිලධාරීන් දැනුවත් කර ඇත්තේ වර්ෂයකට අදාළ ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්‍ෂමව කටයුතු කරන ලෙසයි.

විදුලිබල අමාත්‍යංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනලයන් කඩිනමින් පිරිවෙන් 800ක් සඳහා ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.