නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය දක්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග මේ වන විටත් බොහෝ පිරිසක් එක්ව සිටිනවා.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන වරටයි. කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද ආරම්භ වූ කොළඹ පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ, උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වායි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති චන්දු හපුතන්ත්‍රී මහතා.
ප්‍රදර්ශන භූමියේ මෙවරද නෙත් කුටියක් ක්‍රියාත්මකයි. එමෙන්ම දුෂ්කර පළාත්වල පාසල් වෙත ලබා දීම සඳහා පොත් කැටය මෙවර ද ස්ථාපිත කර තිබෙනවා.
දුෂ්කර පාසල්වල ළමුන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සිදු කරන මෙම සමාජ සත්කාරයට ඔබටද දායක විය හැකියි.
ඒ, පොත් ප්‍රදර්ශන භූමියෙන් ඔබ මිලදී ගන්නා පොතක් පොත් කැටයට පරිත්‍යාග කිරීමෙන්.