Thursday, November 7, 2024

General line - 0115112241

අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් ඉතුරුවන මුදලට කළ යුතු දේ ආර්ථික විද්වතෙක් පහදයි




අනවශ්‍ය වියදම් කපාහැරීම සහ දූෂණ හා වංචනික ක්‍රියා අවම කර ලබා ගන්නා මුදල් වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නැයි ආර්ථික විශ්ලේෂකයින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව එම මුදල් ජනතාවට සහන ලබාදීමට සහ ආයෝජන අවස්ථා දිරිමත් කිරීමට යොදා ගන්නා ලෙසයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.  

කොටස් වෙළඳපොළ තුළට විදේශිකයන්ගේ ආයෝජන ආකර්ෂණය කිරීමටද පියවර ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.