නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය දක්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන වරටයි.
ආරම්භක දිනය වූ ඊයේ දිනයේ පොත් ප්‍රදර්ශනයට සහභාගි වූ පිරිස ලක්ෂය ඉක්මවා තිබෙනවා.
කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පැවසුවේ.
ප්‍රදර්ශන භූමියේ මෙවරද නෙත් කුටියක් ක්‍රියාත්මකයි.
එමෙන්ම දුෂ්කර පළාත්වල පාසල් වෙත ලබා දීම සඳහා පොත් කැටය මෙවර ද ස්ථාපිත කර තිබෙනවා.
පොත් ප්‍රදර්ශන භූමියෙන් ඔබ මිලදී ගන්නා පොතක් පොත් කැටයට පරිත්‍යාග කිරීමෙන් දුෂ්කර පාසල්වල ළමුන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සිදු කරන මෙම සමාජ සත්කාරයට ඔබටද දායක විය හැකියි.