පාසල් සිසුන්ගේ දිවා ආහාරයට බිත්තරයක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ එමඟින් බිත්තර නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ද වාසියක් අත්වන බවයි.
බිත්තර සැපයුමට සාපේක්ෂව බිත්තර ඉල්ලුම මේ වනවිට අඩුවීම හේතුවෙන් මිල පහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක.