රජයේ පාලන මිල යටතේ අලෙවි කිරීමට හැකිවන පරිදි වෙළඳුන් වෙත අද සිට සහල් නිකුත් කරන බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ සිදුකරන කාර්යයන්ට සහයෝගය දෙමින් සහල් මෝල් හිමියන් එම තීරණයට එළැඹි බවයි අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේ.